විශේෂ දැනුම්දීමයි



2026 නොවැම්බර් මස 01 වෙනිදා සිට ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන TIN සහතිකයේ (බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය) මෘදු පිටපතක් හෝ දෘඩ පිටපතක් ඉදිරිපත්කිරීම අනිවාර්ය බව කාරුණිකව දන්වමි.


ප්‍රාදේශීය ලේකම්

දිවුලපිටිය

                           https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index                                

                                                          


📢 විශේෂ දැනුම් දීමයි

වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා TIN අංකය අනිවාර්ය කිරීම

🗓️ 2026 නොවැම්බර් මස 01 දින සිට ක්‍රියාත්මක වේ

       

1. වාහනයේ හිමිකරු පැමිණෙන්නේ නම්:

තමාගේ TIN (බදු ගෙවන්නාගේ හඳුනා ගැනීමේ අංකය) ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

2. වාහනයේ හිමිකරු වෙනුවට වෙනත් අයෙකු පැමිණෙන්නේ නම්:

වාහන හිමිකරුගේ TIN අංකය ඉදිරිපත් කළ යුතුය.

3. හිමිකම තමා වෙත මාරු කර නොගත් පැවරුම්ලාභියෙකු පැමිණෙන්නේ නම්:

M.T.A. 6 හෝ C.M.T. 52 අයදුම්පත සමග තමාගේ TIN අංකය ඉදිරිපත් කර, හිමිකම මාරු කරගන්නා තෙක් තාවකාලික ආදායම් බලපත්‍රයක් ලබාගත හැක.

4. හිමිකම මාරු කිරීම දැනටමත් ආරම්භ කර ඇති සේවාලාභීන්:

M.T.A. 11 සහ C.M.T. 52 සමග තමාගේ TIN අංකය ඉදිරිපත් කර ඉදිරි වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය ලබාගත හැක.



📋 TIN අංකය ඉදිරිපත් කළ යුතු ආකාරය:

• දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) මගින් නිකුත් කරනු ලබන නිල TIN සහතිකය.

                                   --- හෝ ---

• දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් (eservices.ird.gov.lk) ලබාගත් තහවුරුවේ මෘදු පිටපතක් (Soft Copy) හෝ දෘඩ පිටපතක් (Hard Copy).


කරුණාකර අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා පැමිණෙන විට අදාළ සියලු ලියකියවිලි නිවැරදිව රැගෙන එන්න.


 

News & Events

02
நவ2026

Revenue License

       විශේෂ දැනුම්දීමයි 2026 නොවැම්බර්...

குடியுரிமை சாசனம்

Scroll To Top