දිවුලපිටියේදී ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සැමරුම් උත්සවයක්

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමිව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි බලමණ්ඩලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව විශේෂ උපහාර පිදිමේ වැඩසටහනක් පැවැත්විණි .
මෙහිදී වැඩිහිටියන්131 දෙනෙකු සඳහා උපහාර පිදීම සිදු කළ අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්.ඩබ්.එම්.ඩීකුමාරි මහත්මිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම් වී.ටී.ඩී.අමරසිංහ මහත්මිය මේ අවස්ථාවට සහභාගී වී සිටියහ .
වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජිකත්වය හිමි වයස අවුරුදු 90ට වැඩි මව්වරුන් සහ පියවරුන්, දරුවන් 8 දෙනෙකු හෝ ඊට වැඩි දරුවන් බිහිකළ මව්වරුන්, වැන්දඹුවන්ව සිටි මව්වරුන් මෙන්ම නැටුම්,ගැයුම්,වැයුම් හා කැරම් ක්‍රිඩා තරඟ සඳහා ඉදිරිපත්ව ජයග්‍රහණ ලැබු වැඩිහිටි පිරිස මෙහිදී උපහාරයෙන් පිදුම් ලැබූහ.
මීට සමගාමීව ලොතරැයි දිනුම් ඇදීම සිදු කළ අතර ඉන් ජයග්‍රාහකයෝ තිදෙනෙකු ද තෝරා තග්‍යාග පිරිනමනු ලැබීය .














