|
විශේෂ දැනුම්දීමයි 2026 නොවැම්බර් මස 01 වෙනිදා සිට ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන TIN සහතිකයේ (බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය) මෘදු පිටපතක් හෝ දෘඩ පිටපතක් ඉදිරිපත්කිරීම අනිවාර්ය බව කාරුණිකව දන්වමි. ප්‍රාදේශීය ලේකම් දිවුලපිටිය https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
|
දිවුලපිටියේදී ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සැමරුම් උත්සවයක්

ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමිව දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි බලමණ්ඩලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව විශේෂ උපහාර පිදිමේ වැඩසටහනක් පැවැත්විණි .
මෙහිදී වැඩිහිටියන්131 දෙනෙකු සඳහා උපහාර පිදීම සිදු කළ අතර ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්.ඩබ්.එම්.ඩීකුමාරි මහත්මිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම් වී.ටී.ඩී.අමරසිංහ මහත්මිය මේ අවස්ථාවට සහභාගී වී සිටියහ .
වැඩිහිටි බල මණ්ඩලයේ සාමාජිකත්වය හිමි වයස අවුරුදු 90ට වැඩි මව්වරුන් සහ පියවරුන්, දරුවන් 8 දෙනෙකු හෝ ඊට වැඩි දරුවන් බිහිකළ මව්වරුන්, වැන්දඹුවන්ව සිටි මව්වරුන් මෙන්ම නැටුම්,ගැයුම්,වැයුම් හා කැරම් ක්‍රිඩා තරඟ සඳහා ඉදිරිපත්ව ජයග්‍රහණ ලැබු වැඩිහිටි පිරිස මෙහිදී උපහාරයෙන් පිදුම් ලැබූහ.
මීට සමගාමීව ලොතරැයි දිනුම් ඇදීම සිදු කළ අතර ඉන් ජයග්‍රාහකයෝ තිදෙනෙකු ද තෝරා තග්‍යාග පිරිනමනු ලැබීය .
පොසොන් සැදැහැ ගී සරණීය"----------
පොසොන් පොහොය නිමිත්තෙන් දිවුලපිටිය ප්‍රාදේශයේ ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන එක්ව "පොසොන් සැදැහැ ගී සරණීය" බැති ගී ප්‍රසංගය 2026/06/24 දින දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යංශය සහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයේ මෙහෙයවීමෙන් සිදු කරන ලද මෙම වැඩසටහන දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මියගේ මගපෙන්වීමෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් තමාලි අමරසිංහ මහත්මියගේ අධීක්ෂණ යටතේ සිදු කරන ලදී.
දිවුලපිටිය රාජ්‍ය ආයතන ඒකාබද්ධව බැති ගී ප්‍රසංගය සඳහා ගායක කණ්ඩායම් ඉදිරිපත් කර තිබූ අතර මේ සඳහා ස්වේච්ඡා සංවිධානවල ගායක කණ්ඩායම් ද ඉදිරිපත් ව සිටියහ. වැඩසටහනේ සම්බන්ධීකාරක වශයෙන් බස්නාහිර පළාත් සංස්කෘතික නිලධාරි දිල්හානී පද්මසිරි මහත්මිය කටයුතු කරන ලදී.

















